Posts

ආරුක්කු නමයේ පාලම – Nine Arches Bridge

කොළඹ කොටුව හා බදුල්ල දක්වා වැටී ඇති දුම්රිය මාර්ගය ඔස්සේ එදා මෙදාතුර ලක්ෂ ගණනක මගී පිරිසක් දුම්රියේ ගමන් කරන්නට ඇත. එම මගීන් පමණක් නොව දෙමෝදර හා ඇල්ල දුම්රිය ස්ථාන දෙක අතර ආරුක්කු නමයේ පාලම බ්‍රිතාන්‍ය පාලන යුගයේ ඉදිකළ විස්කම් නිර්මාණ බව බොහෝ දෙනා කියන වසර 103 ක් පැරණි මේ පාලමේ කොන්ක්‍රීට් බිංදුවක් නැත. නමුත් මෙම ආරුක්කු නමයේ දුම්රිය මාර්ග විස්මිත පාලම ඉදිකිරීමට දායක වී ඇත්තේ ඉංජිනේරු තාක්ෂණය නොදත් වැලිමඩ කැප්පෙටිපොළ පෙල්ලවින්නේ උපන් පී.කේ. අප්පුහාමි නම් ගැමියෙකි. ඇල්ල සිට දෙමෝදර අතර දුම්රිය මාර්ගය සැකසීමේ දී සැතපුම් 169 කණුව අසල කඳු දෙකක් අතර යකඩ පාලමක් ඔස්සේ සම්බන්ධ කිරීමට එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සැලසුම් කර ඇත. මෙසේ රැගෙන ආ යකඩ පාලම දිගින් අඩුවීම නිසා ඉංජිනේරුවරයා දැඩි අසීරුවකට පත්ව ජීවිතය පවා නැතිකර ගැනීමට උත්සාහ දරා ඇතැයි පැවැසේ. එම අවස්ථාවේ මේ පී.කේ. අප්පුහාමි මැදිහත්ව මේ අන්දමට පාලම මඩ වගුරක් කළු ගල් වලින් පුරවා සකසන ලද අත්තිවාරමක් මත ආරුක්කු නමයකින් යුක්තව ඉදිකිරීමට කටයුතු කර ඇත. පාලමේ සාමාන්‍ය උස අඩි 300 ක් බව පැවැසේ. පී.කේ. අප්පුහාමි කිසිදාක ප...
Recent posts